නීති විරෝධි වෛද්‍යවරු වැටලීමට සැලසුමක් – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

නීතිවිරෝධි අකාරයෙන් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැටලීම් සඳහා ක්‍රියාදාමයක් සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ නමින් ලියාපදිංචි කර ඇති වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 205ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා අද (22)මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබාදෙන ලේඛනයට පරිභාහිරව කටයුතු කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. යම් කිසි කෙනෙක් පැමිණිලි කළොත් ඒ පිළිබඳව ක්‍රියා කරනවා. වසරක් පාසා ඔසු සැල් පරික්ෂාවට ලක් කරන බවද නීති විරෝධි ලෙස පවත්වාගෙන යනු ලබන ඖෂධ ශාලා පිළිබඳව මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News