Tuesday, March 19, 2024.

ජනපතිගෙන් පසු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසිමේ කටයුතු අවසන්

Share

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව අවසන් කරන බව එම කොමිසමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එහි අවසන් වාර්තාව ඔක්තෝබර් අග වන විට නිකුත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වන විට සාක්ෂි විමසමින් සිටියි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීමෙන් පසුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් වෙයි.

ඉන් අනතුරුව එහි වාර්තාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News