වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

වන අලි පහරදීමකින් කන්තලේ, රජඇල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා සිය නිවස පිටුපස සිටියදී වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි කන්තලේ රජඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News