රටට අහිතකර කිසිඳු අමෙරිකානු ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ

Share

තමා බලයේ රැඳී සිටින තුරු රටට අහිතකර කිසිදු අමෙරිකානු ගිවිසුමක් අත්සන් කිරීමට පියවර නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ විපක්ෂයේ බොහෝ දේශපාලඥයින් මේ වනවිට තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

මාතර, වැලිගම නගර ශාලාවේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රිත් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද ජනාධිපතිවරයා එහිදි පැවසීය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි.

Read more

Local News