අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් තේ වත්තේ බලපත්‍රයක් නොමැතිව මැණික් ගරමින් සිටි තිදෙනෙක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි මෙම සැකකරුවන් තිදෙනා සහ මැණික් ගැරිමට උපයෝගී කරගත් උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇත.

එම සැකකරුවන්ට එරෙහිව හෙට (24) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවද බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News