ලක්ෂ විසිපහක ගංජා හේනක් පොලිස් දැලේ

Share

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ බලහරුව ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.

අක්කර කාලක භූමි ප්‍රමාණයක උස අඩි හත හමාරක් පමණ උසින් සරුවට වගා කර තිබූ මෙම ගංජා හෙනේ පැල තුන්දහසකට වඩා තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහ ඉක්මවන බව පොලිසිය පැවසීය.

ගංජා හේන වගා කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු බව දිසා වැටලීම් ඒකකය සඳහන් කළේය.

සියලුම ගංජා පැල පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News