හසලක, රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක රාජකාරීයේ නියුතුව සිටි හමුදා සෙබළෙකු දියේ ගිලී මියගොස් තිබේ.
අදාළ හමුදා සෙබලා අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී ජලාශයේ පහළ වේල්ල පරීක්ෂා කිරීමේදී අඩි 20ක් පමණ ගැඹුරු ජලයේ තිබී මෘත ශරීරය සොයාගත් බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි මාවනැල්ල, අළුත්නුවර ප්‍රදේශයේ පදිංචි රන්ටැඹේ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා සෙබළෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.