රටේ ප්‍රශ්න දන්නේ නැති අයෙකුට රට හදන්න බෑ

Share

ප්‍රධාන පක්ෂවලින් තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු රටේ ප්‍රධාන ගැටළු හදුනා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(22) පොළොන්නරුවේ පැවති ජනහමුවකදීයී.

“අපි දැන් ජීවත් වෙමින් ඉන්නේ ජීවත් විය හැකි සමාජයක නොවෙයි“ යනුවෙන් පවසන ඒ මහතා, පැමිණ සිටි ජනතාවගෙන් මේ ක්‍රමය රට දැන් හොඳයි ද යනුවෙන් අසා සිටියේය.

අපි සියලු දෙනා අද ජීවිතය ගැට ගසා ගත නොහැකි අමාරු තත්ත්වය සිටින බවත් පැවසු ඒ මහතා, මේ තත්ත්වය අපට හොඳ නෑ යනුවෙන් පැවසීය.

සෑම හිතකම අනාගතය පිළිබඳ බවක් ඇති බවත් , සෑම හදවතකම ප්‍රශ්න කන්දක් ඇති බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා, එය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමෙන් වෙනස් කළ නොහැකි බවත් කියා සිටියේය.

ඔවුන් මීට පෙර බලයේ සිටි බවත් පැවසු සිල්වා මහතා, එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් හෝ වෙනත් අයෙකුට දීමෙන් මෙම තත්ත්වය වෙනස් කළ නොහැකි බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ආවත් ඔවුන් පක්ෂයේ ලෝක්කෝ බවත් සඳහන් කළේය.

පසුගිය වසර 4 හමාර තුළ රට පාලනය කරනු ලැබුවේ ඔවුන් බවත්, ඒ කාලයේ දී දෙයක් කළේ නම් නැවත වතාවක් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුතු නැතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තවමත් රට හදන විදිය ගැන කථා කර නොමැති බවත් පැවසු ඒ මහතා, ඔවුන් අපේක්ෂකයා ගැන පමණක් කථා කරමින් සිටින බවත් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාද එවැනි තත්ත්වය සිටින බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා, රටේ ප්‍රශ්නය දන්නේ නැති අයෙකුට රට හැදිය නොහැකි බවත් පැවසීය.

Read more

Local News