මම ඉන්නේ ජයග්‍රහණය කරන කඳවුරේ – මනෝ

Share

ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරිපත් කරන ලෙසට ලබන බදාදා තෙක් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලබාදී ඇතැයි ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එසේම තමන් සිටින්නේ ජයග්‍රහණය කරන කඳවුරේ බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News