කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Share

ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අනිද්දා දක්වා තවදුරටත් පවතිනු ඇති අතර නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ගං වතුර මට්ටමට ඉතා ආසන්න බැවින් ඒ අවට සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ල සිටියි.

Read more

Local News