කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට, අද(24) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මිලි මීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ගුවන් තොටුපළ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කළේය.
නිරිතදිග මෝසමේ අවසන් කාළය මෙන්ම පහළ වායු ගෝලයේ කැළබිලි සහගත තත්වයක් නිසා මෙම අධික වැසි සහිත කාළගුණික තත්වය හට ගෙන ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අධික වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශය පුරා සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සඳහා පැමිණෙන ගුවන් මගීන් , තම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි