කඩවතට හෙට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

Share

කඩවත, පිටත වටරවුම් අධිවේගී මාර්ගය හරහා ඉදිකරන පාලමේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කඩවත ප්‍රදේශයට හෙට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පළමු අදියර යටතේ හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 3 දක්වා කඩවත, ගනේමුල්ල, මාර්ගයේ කොස්සින්න සිට කිරිඳිවිට දක්වා සියලු අතුරු මාර්ග, ගනේමුල්ල, ගලහිටියාව, කටුවාලමුල්ල, කොස්සින්න, පරකන්දෙණිය, පහළ යාගොඩ, හොරගොල්ල, තිබ්බටුගොඩ, කුඩාබොල්ලත, මිදෙල්ලවිට, රත්මල්විට, කොස්ඕවිට යන ග්‍රාම සේවාවලම්වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

දෙවැනි අදියර යටතේ හෙට පස්වරු 3 සිට අනිද්දා පස්වරු 9 දක්වා කඩවත, ගණේමුල්ල මාර්ගයේ කඩවත සිට පොල්හේන මංසන්ධිය සියලු අතුරු මාර්ග, වැලිපිල්ලෑව, දංගහවෙල, ඉහළ කරගහමුණ, මහර ග්‍රාමසේවා වසම්වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

Read more

Local News