ගෝඨාගේ තවත් ප්‍රතිපත්තියක් මෙන්න

Share

සමූපකාර ව්‍යාපාරය නගාසිටුවීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීම තම ප්‍රතිපත්තියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මේ වන විට පැවැත්වෙන සම්මේලනයකට එක්වෙමින්.

සමූපකාරික ජාතික මහා සම්මේලනය මේවන විට කොළඹදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රතිපත්තියක් ලෙස සමූපකාර වැඩසටහන නඟා සිටුවීමට කටයුතු කරන බවත් පැවසු රාජපක්ෂ මහතා, විශේෂයෙන් ග්‍රාමීය හා අඩු අදායම් ලාබී ජනතාවට උදව් කළ හැකි ප්‍රතිපත්තියක් ලෙස සමූපකාර ව්‍යාපාරය හඳුනා ගෙන ඇතැයි ද පැවසීය.

මේ මොහොත වන විට සමුපකාර ව්‍යාපාරය විවිධ ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, සමුපකාර අරමුදලට අයත් මුදල් සමුපකාරය ගොඩැනංවීමට නොමැතිව වෙනත් දේවල්වලට යෙදවීම හේතුවෙන් විශාල අසාධාරණයක් සමුපකාර සේවකයින්ට සිදුවී ඇතැයි ද කියා සිටියේය.

ඉදිරියේ දී මෙම අරමුදල් සමූපකාර ව්‍යාපාරය ගොඩනැංවීමට පමණක් යොදා ගන්නා බවත් මෙහිදී ගෝඨාභය මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News