වතු නිවාස පේලියක ගින්නක්

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතුයායේ ගල්කන්ද කොටස් වතු නිවාස පේලියක ඊයේ (24) රාත්‍රියේ හට ගත් ගින්නකින් එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

ඊයේ රාත්‍රි 7.00 ට පමණ විදුලි කාන්දුවකින් එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාස වලට පැතිර යාම වලක්වා ගැනිමට වතු කම්කරුවන් සමත් වි ඇත.

ගින්න හට ගත් වතු නිවාස පේලියේ වතු නිවාස 16 කින් සමන්විත වන අතර ගින්න හට ගන්නා අවස්තාවේම සෙසු නිවාස වලට ගින්න පැතිර යාම පාලනය කල නිසා සිදු විමට තිබු විශාල අලාභයක් වලක්වා ගැනිමට හැකි වු බව වතු පාලන අධිකාරිය ද පවසයි.

ගිනිගෙන විනාශ වු වතු නිවාසයේ පදිංචිව සිටි පදිංචිකරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගින්නෙන් විනාශ වි ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වු පවුලේ සමාජිකයන් ඥාති නිවසක නතර කිරිමට පියවර ගත් බවයි වතු පාලන අධිකාරිය පැවසුවේ.

Read more

Local News