රංජිත් සියඹලාපිටිය අද ජනපති කොමිසම හමුවට

Share

විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වත්මන් රජයේ වංචා හා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ලක් විමර්ශනය සඳහා ය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාවකට ලබා දුන් නිරීක්ෂණයක් පදනම් කර ගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

එම නිරීක්ෂණයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ, විදුලිය මිලදී ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2කට අධික පාඩුවක් සිදුව ඇති බව ය.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් මීට පෙර විදුලිබල අමාත්‍යංශයේ වත්මන් ලේකම් සුරේන් බටගොඩ මහතා ද ජනාධිපති කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබා දුන්නේ ය.

Read more

Local News