පලංචියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Share

හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණික ආයතනයක දෙවැනි අදියරෙහි ගොඩනැඟිල්ලක ඉදි කිරීම් කටයුතු අතර තුර පලංචියක් කඩා වැටී ඊයේ (24) සවස පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ඉදි කිරීම් සඳහා රැගෙන ආ ටයිල් තොගයක් තබා තිබු පලංචියක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඉදි කරමින් පවතින ගොඩනැඟිල්ලේ සය වන මහලේ සිට 4 වන මහල දක්වා සවි කර තිබු පලංචියක් මතට බිම සිට දොඹකරයක ආධාරයෙන් ටයිල් තොග රැගෙනවිත් ගොඩ ගසා තබා තිබේ.

එකවරම ටයිල් ගොඩ ගසා තිබු පලංචිය පහළ සේවය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ සිලාවතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News