තිස්ස අත්තනායක යළි එජාපයට

Share

එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කර එම ඉල්ලීම සමග එකඟව කටයුතු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read more

Local News