පොල් ගෙඩියක් හිසට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Share

පොල් ගෙඩියක් හිස මත කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ පදිංචි ඩී. එම් අනුලාවතී නැමැති 61 හැවිරිදි කාන්තාවකි.

සිය නිවස පිටුපස තිබූ වතුර ටැංකියක් වෙත යමින් සිටියදී ඒ අසල වූ පොල් ගසක ගෙඩියක් හිස මත කඩා වැටීමෙන් ඇය මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බනක්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර සිදු කරයි

Read more

Local News