ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

Share

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටින ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ විශ්‍රාම යනවිට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පැවසුව ද යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී  සිදුකරන විරෝධතාවයේ 15 වන දිනය අද (25)යි.

විරෝධතා කරුවන්ගෙන් කිහිප දෙනෙකු ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණ ගැසුණු අතර පසුව විරෝධතා කරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබුණි.

එම සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන්ට විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

Read more

Local News