නාවික හමුදා මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සොයා ගැනේ

Share

නාවික හමුදාව විසින් අද (25) තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 840ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර ඇත.

එහිදී සැක කටයුතු පාර්සල් 18 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 840 ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

Read more

Local News