එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක්

Share

එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද (26) පැවැත්විමට නියමිතයි.

පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා මේ දක්වාත් ප්‍රකාශයට පත් කර නොමැති බැවින් අද දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අතිශයින් තීරණාත්මක රැස්විමක් වනු ඇති බව සඳහන්.

Read more

Local News