ආබාධිත රණවිරුවන් අදත් විරෝධතාවයේ

Share

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත රණවිරුවන් ඊයේ (25) දේව කන්නලව්වක නිරත විය.

ඒ තම ඉල්ලීම් කඩිනමින් ඉටුකර ගැනීමට අවශ්‍ය කටයුතු සළසාදෙන ලෙස ඉල්ලමින්.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ 16 වන දිනය අද (26) යි.

මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් ආරම්භ කළ මාරාන්තික උපවාසය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News