කිසිදු හොරෙකුට තවත් හොරෙකුට දඬුවම් කරන්න බෑ

Share

රටේ සැමට නීතිය සමාන ලෙස ඉටු වන සමාජයක් නිර්මාණය කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගාල්ලේ ඊයේ (25) පස්වරුවේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වංචාව නතර කරන බවට එක්සත් ජාතික පක්ෂිකයෙකුට හෝ පොදුජන පෙරමුණේ සාමජිකයෙකු හට ගමට ගොස් කිව නොහැකි බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

තමා ඇතුළු පිරිස රට තුළ පාලනයක් ගොඩ නගන්නේ කිසිදු පුද්ගලයෙකුගෙන් පලිගැනීමට හෝ කිසිදු පුද්ගයෙකුට හිංසා කිරීමට නොවන බව ඔහු මෙහිදී  පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ කිසිදු වංචනිකයෙකුහට තව වංචනිකුට දඬුවම් කළ නොහැකි බවත් කිසිදු හොරෙකුට තවත් හොරෙකුට දඬුවම් කළ නොහැකි බවත්ය.

Read more

Local News