බස් රථයකට යටවී කාන්තාවක් ජිවිතක්ෂයට

Share

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ දී බද්දේගම සිට ගාල්ල දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයකට යටවී කාන්තාවක් මිය ගොස් ඇත.

බස් රථයේ සිටි මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේ දී බස් රථයෙන් පැමිණි මගී කාන්තාවක් බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී එම බස් රථයටම යටවී බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 79ක් වු දෙල්ගහවත්ත, පෝද්දල ලිපිනයේ පදිංචි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News