2023 වන විට කොළඹ පැල්පත්වලින් තොර නගරයක් කරනවා

Share

2023 වර්ෂය වන විට කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් කිරීමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (26) මාතලේ ගොංගාවෙල නව බස් නැවතුම්පල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අද රට තුළ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දරුවන් රට අතහැර දමා යාම බවත් රටේ වෘත්තීය ක්ශ්‍රේත්‍රවල නියැලුණු 52000ක ශ්‍රම බලකායක් පසුගිය කාලයේ රට අතහැර දමා ගිය බවත් ඒ මහතා පවසයි.

රසේම රටේ ජන ගහණයනේ ලක්ෂ 30ක පිරිසක් ජීවත් වන්නේ විදේශගතව බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එනිසා තම අමාත්‍යාංශයේ තේමාව බවට “ඉන්න හිතෙන රටක්” යන්න තෝරා ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

රට තුළ නගර ගොඩනඟන විට නගර අභ්‍යන්තරයේ සිටම සංවර්ධනය කළ යුතු බවත් ගංවතුර පාලනය, වැසිකිළි කැසිකිළි පාලනය, කැළිකසළ පාලකය, ප්‍රවාහන පද්ධතිය මේ සියල්ල පිළිබඳ සැළකිලිමත් විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

බ්‍රිතාන්‍ය යුගයෙන් පසු කොළඹ නගරයේ ක්‍රමානුකූලව ගොඩනැංවීම සඳහා වත්මන් රජය විවිධ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවත් 2023 වන විට කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read more

Local News