සංචාරකයින් අද පාන්දරම සීගිරි ගල මුදුනට

Share

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරිය ගල මුදුනේ සිට ඉර පායන දර්ශනය නැරඹීම සඳහා අද (27) දින අළුයම 5 සිට දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කොට තිබිණි.

ඒ අනුව අද අළුයම 5 සිට දෙස් විදෙස් සංචාරකයන් ලෝක සංචාරක දිනය යෙදුණු 27 දින සීගිරිය පව්ව මතට නැග ඉර පායන ආකාරය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංචාරකයන්ට අලුයම සීගිරි පව්ව නැගීම සඳහා විදුලි ආලෝකය සපයා දී තිබිණි.

මෙම ස්ථානයට පැමිණි දේශීය සහ විදේශීය සංචාරකයන් කියා සිටියේ ලෝක උරුමයක් වූ සීගිරිය සංචාරක බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනා ඇති ස්ථානයක් නිසා දිනපතා ඉර සේවය නැරඹීමට අලුයම පහට විවෘත කිරීමට අවධානය යොමු කරවන ලෙස ය.

Read more

Local News