ආබාධිත රණවිරුවන් 17 වන දිනටත් විරෝධතාවයේ

Share

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද 17 වන දිනටත් විරෝධතාවයේ නිරත වෙයි.

ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ භාර්යාවන් ආරම්භ කළ මාරාන්තික උපවාසයද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ 17 වන දිනය අදයි.

යුද බිමේ සටන් කරමින් සිටියදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද වැටුප අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස සහ අබාධිත රණවිරුවන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින් රණවිරු බිරින්දෑවරුන් සිව්දෙනෙක් ඊයේ(26) පස්වරුවේ උපවාසයක් ආරම්භ කළේය.

Read more

Local News