දුම්රිය අදත් නෑ

Share

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අද (30) පස්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

රට පුරා සිදු කෙරෙන වර්ජන සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද(30) පස්වරු 01.00 ට රැස්වීමට නියමිතව තිබේ.

Read more

Local News