වාසි සහගත තැන්වල සජිත් පක්ෂයේ පැත්ත ගන්නවා

Share

නීති ක්ෂේත්‍රයේ සිටින අයගේ පමණක් වැටුප් වැඩි කිරීම් සිදු කළ බැවින් රටේ වැටුප් විෂමතාවක් ඇති වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතිප පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එම තනතුරට ගෙන ඒම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා බවත් ඒ අනුව මංගල හා සජිත් අතර පැවතිය යුත්තේ අඹ යාළුකමක් බවත් ප්‍රකාශ කරයි.

එසේනම් සීමා මායිම් නැතුව රණවිරුවන්ට සහනාධාර ලබා දෙන බව පැවසු සජිත් ප්‍රේමදාස මහතාට තම සඟයා වන මංගල සමරවීර මහතා කතා කොට රණවිරු ඉල්ලීම් ලබා දෙන ලෙස පැවසිය හැකි විය යුතු බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතාට රණවිරුවා සිහිපත් වුයේ වෙන කිසිවක් නිසා නොව ජනාධිපතිවරණය හේතුවෙන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පක්ෂයේ වාසි සහගත තැන් ඇත්නම් සජිත් පක්ෂයේ පැත්ත ගන්නා බවත් තමන්ට අවාසි සහගත තැන් වලදී තමන් එම පක්ෂයේ නොවන බව පවසන සජිත් ප්‍රේමදාස මහතා  “කරුමෙට එකයි උරුමෙට එකයි” යනුවෙන් ඒ මහතා පැවසීය.

Read more

Local News