රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

තිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල්, අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ-4 මාර්ගයේ කිලෝ මීටර් 352-353 සීමා කණු අතර ප්‍රදේශයේ දී අක්කරපත්තුව සිට පොතුවිල් දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කර ගත නොකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදිය පෙරළී ගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වු අයෙකි.

තිරුක්කෝවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News