අැමෙරිකානු හෙළිකොප්ටර් යානයක කොටසක් ජපානයට කඩා වැටේ

45

ඔකිනාවාහි පිහිටි පාසලක ක්‍රීඩාංගණයක් මතට අැමෙරිකානු හෙළිකොප්ටර් යානයක කොටසක් කඩා වැටීමෙන් කුඩා පිරිමි ළමයෙකු තුවාල ලබා ඇති බවයි.

විශාලතම ඇමෙරිකානු හමුදා බල ඇණියක් සහිත ජපන් දූපත වන ඔකිනාවාහි ජනතාව නොසන්සුන්තාවට පත්ව තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඔකිනෝවාහි දකුණු ප්‍රදේශයේ එක්සත් ජනපදයට අයත් හමුදා කඳවුරක් ද පිහිටා තිබේ. මෙම හමුදා කඳවුර හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාම මෙවැනි අනතුරු ගණනාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.