ආයතන 93ක නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්

Share

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව පලාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා භාර ගැනීම අද (14) දහවල් 12 ට අවසන් වේ.

පළාත් පාලන ආයතන 341ක් සදහා ඡන්ද විමසීම සිදුකිරීමට අදියර දෙකකින් නාමයෝජනා භාර ගැනීම සිදුකරනු ලැබේ. ඒ අනුව පලාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා භාර ගැනීම 11 වනදා ආරම්භ වූ අතර අද දහවල් 12ට එය අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 සදහා තරග කිරීමට දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 557ක් ඇප මුදල් තැන්පත් කොට තිබේ.

දෙවන අදියරේදි පළාත් පාලන ආයතන 248ක් සදහා නාමයෝජනා භාරගන්නා අතර එම නාම යෝජනා කාල සීමාව ලබන 18 වනදා ආරම්භ වේ

18 වනදා සිට 21 වනදා දහවල් 12 දක්වා නාමයෝජනා භාරගැනීමට නියමිතය.

Read more

Local News