සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම දෙනාට ආරාධනා කරනවා – අමාත්‍ය සාගල රත්නායක

Share

අතීතයේ රට තිබුණු තත්ත්වය ගැන සිහිපත්කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම දෙනාට ආරාධනා කරන බව අමාත්‍ය සාගල රත්නායක පවසයි. ඔහු පෙන්වා දුන්නේ, පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් සිදුකරන බවයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, මාලිම්බඩ, හක්මන යන ප්‍රාදේශීය සභා සහ වැලිගම නගර සභාව සඳහා නාම යෝජනා පත්‍ර ලබාදීමේ අවස්ථාවට සහ පිටබැද්දර, කොටපොල යන ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ මාතරදී එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය සාගල රත්නායක

අවුරුදු 2 ට කලින් අපි නාම යෝජනා බාරදීලා රජයක් බිහිකරලා රට ගොඩනැගීමේ කාර්ය භාර්ය ආරම්භ කළා. ඒ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය විදියට, අපි විශාල වගකීමකින් යුතුව කටයුතු කළා. අපි එදා ආරම්භ කරපු කාර්ය භාර්ය සාර්ථකව ඉදිරියට ආපු නිසා තමයි රටේ ජනතාවට සාධාරණව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් ඇතිවුනේ. ඒ තත්වය අපි ඉදිරියටත් පවත්වාගෙන යනවා.
අපි රටේ ජනතාවගේ ආර්ථික තත්වය හොඳ තැනකට ගෙන එන්න කටයුතු කරනවා. ඒ සඳහා ගම ගොඩනගන කටයුක්ත ශක්තිමත්ව කරන්නයි පුංචි ආණ්ඩු ටිකත් අපිට ලබාගන්න යන්නේ. අපි බොහොම සාධාරණව මැතිවරණය සිදුකරනවා. මම කියන්නේ ජනතාව අතරට ගිහින් මැතිවරණය කරන්න. හැබැයි ගහ මරාගන්නේ නැතිව සාධාරණ මැතිවරණයක් කරන්න කියලයි.
ඒ වගේම කියන්න කැමතියි දැන් සමහරුන්ට අපි බලයට එන්න කලින් මේ රටේ තිබුණු වාතාවරනය අමතක වෙලා. ඒ වගේම තමයි කොන්ත්‍රාත් කරලා එදා සීග්‍රයෙන් දියුණු වෙච්ච පිරිසත් අද රටේ ජනතාවට අමතක වෙලා. මම ජනතාවට කියනවා මිට අවුරුදු දෙකකට කලින් මේ රට තිබුණු තැන ගැන අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට සාධාරණව ඔලුව උස්සන්න පුළුවන් සමාජයක් ගොඩනැගීමයි.

Read more

Local News