අපේ පාරේ ඉන්න අපේක්ෂකයා ගෝඨා – දයාසිරි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළා නම් රටට අනවශ්‍ය අයෙකුට වාසි සහගත වීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම පක්ෂ මුලස්ථානයේ  අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුට පාවා දීමට සූදානම් නැති බවත් නමුත් වාමාංශික, ප්‍රගතශීලී අධිරාජ්‍ය විරෝධී බලවේග සමඟ එක මාර්ගයක ගමන් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම මාවතේ සිටින අපේක්ෂකයා ලෙස දකින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ මහතා පවසයි.

එසේම අවබෝධතා ගණනාවකට එකඟතාව පල කළ බවත් හෙට හෝ අනිද්දා දිනක අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගිවිසුම පක්ෂ සම්මේලනය දිනයේ අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම මැතිවරණයේ දී ජනාධිපතිවරයා මධ්‍යස්ථව සිටීමට තීරණය කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News