මසකට සහල් මෙ.ටොන් ලක්ෂය බැගින් ආනයනය කිරීමට රජය තීරණය කරයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කළේ මෙම උත්සව සමයේ අවශ්‍ය තරම් සහල් පාරිභෝගිකයන්ට පහසුවෙන් හා දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි සහල් මෙ.ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමටයි.

මේ අතර 2017/2018 මහ කන්නයෙන් හා 2018 යල කන්නයෙන් ලැබෙන වී අස්වැන්න පිළිබඳ පුරෝකතනයක් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිත අතර එම පුරෝකතනය මත අවශ්‍ය තරම් වී නිෂ්පාදනයක් වෙළෙඳපොළට ලැබෙන තෙක් මසකට සහල් මෙ.ටොන් ලක්ෂය බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටොන් 24 ලක්ෂයක් පමණ වේ. මෙම වසරේ දී මේ වන තෙක් සහල් මෙ.ටොන් 670, 000ක් පමණ ආනයනය කර ඇත. එය වාර්ෂික පරිභෝජනයෙන් 30%ක් පමණ වේ. ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු දක්වා හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඕනෑම පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික සහල් මත පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට ශත 25 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය 2018 වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

මීට අමරතව පරිප්පු, ටින්මාළු, ලොකු ලූණු, අල, සීනි සහ හාල්මැස්සන් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය ද හිගයකින් තොරව පාරිභෝගියන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

Read more

Local News