සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.

සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් හතර දෙනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මැතිවරණ වලදී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවයි.

මේ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට සිය ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින්  මෙම පෙත්සම ගොනු කර තිබේ.

Read more

Local News