Tuesday, March 19, 2024.

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක්

Share

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 485ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් හා වෙනත් පැමිණිලි 16ක් ඊට ඇතුළත්.

ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 54ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇත.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 52ක්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි 01ක් හා වෙනත් මැතිවරණ පැමිණිලි 01ක් ඒ අතර වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Read more

Local News