පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන

Share

පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්විය.

මේ වන විට විදුහල්පතිවරුන් පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගනිමින් තම පාසල් පුස්තකාලවලට අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර විදුහල්පතිවරුන් විසින් එලෙස මිලදී ගන්නා පොත් හා ඊට වැය වූ මුදල් පිළිබඳ නැවත අධීක්ෂණයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම අධීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ දරුවන් අතට රජය වැය කළ මුදලට සරිලන නිර්දේශිත පොත් පමණක් ලැබී ඇත්දැයි යන්න සහ එම මුදල් නිසි පරිදි භාවිත කර තිබේදැයි යන්න පිළිබඳ සොයා බැලීම සඳහායි.

Read more

Local News