Tuesday, March 19, 2024.

කැෆේ සංවිධානයෙන් නිවේදනයක්

Share

ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර‍‍යේ වාසි ලබා ගැනීමට උත්සහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ද මාධ්‍ය වෙත පවසා තිබුනේ ජාතික ආරක්ෂාවවට බාධා කරන කටකතා 5000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව ද යන්න එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙවැනි කටකථා තුළින් ඊයේ(16) මට්ටක්කුලිය, වත්තල, හැටන් ආදී ප්‍රදේශ වල පාසැල් අසල බෝම්බ බියක් පැතිරවීම නිසා පාසැල් කිහිපයක කටයුතු අඩාල වූ අතර ඒ ආශ්‍රිත ප්‍රදේශවල එදිනෙදා ජන ජීවිතයට බලපෑම් එල්ල වු බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන මෙවැනි අසත්‍ය ප්‍රචාර පසුපස යම් සංවිධානාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන්නේදැයි සොයාබලන ලෙස කැෆේ සංවිධානය පොලිසිය,ආරක්ෂක  අංශ සහ මැතිවරණ  කොමිසම වෙත දැනුම් දී තිබේ.

මෙවන් කටකතා පැතිරවීම තුළින් යම් යම් පාර්ශව දේශපාලන වාසි ලබාගැනීමට උත්හසහ කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වන බාධාවක් බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක  අධ්‍යක්ෂ  අහමඩ්  මනාස් මකීන් මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ජාතික අරක්ෂාව සම්බන්ධයෙන් කටකතා පතුරුවන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග යුතු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි කටකථා සහ අසත්‍ය ප්‍රචාර ගෙනයාම් පිළිබදව නිරීක්ෂණය කිරීමට වෙනම එකකයක් කැෆේ සංවිධානය විසින් පිහිටුවා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 179 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් ලැබී තිබේ.

Read more

Local News