පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව තුළ නව්‍ය සංස්කෘතියක් ඇති කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රටම සොබා දහමක් කරන අපේක්ෂාව පරිසර ප්‍රතිපත්තිය එළි දැක්වීම ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය උඩවලව කොට්ටවත්ත විලේජ් උත්සව ශාලාවේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ජනතාව තුල පරිසරයට ලෙන්ගතු පරිසරයක් එක්ක සම්බන්ධ වුණ එය ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක් ලෙස නිමවුන හෘද සාක්ෂියක් නිර්මාණය කරන්නට බැහැ මේ පාලකයන් තියාගෙන.
අපිට අධ්‍යනය කරන්න පුලුවන්, කරුණු කියන්න පුලුවන්, නීති සම්පාදනය කරන්න පුලුවන් පනත් හදල දෙන්න පුලුවන්. හැබැයි මේ නායකයන් එක්ක මේක කරන්න බැහැ.
ඒක නිසා පළමු කොටම අපේ රටේ පාලනයක් ඕන පරිසරය ආරක්ෂා කිරීම පිළිබදවත්, ඒකට තිබෙන බැඳීමත් ආරක්ෂා කරන පාලනයක් ඕන.
අපි පොරොන්දු වෙනවා එවැනි ආදර්ශමත් පාලනයක් මේ රටේ බිහිකරන බවට.
පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව්‍ය සංස්කෘතියක් අපේ ජනතාව තුල ඇති කළ යුතුයි.”
මෙම අවස්ථාව සඳහා පරිසර හා සම්බන්ධ විද්වතුන් රැසක් සහභාගී වී සිටියේය.
ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න, සංගීතවේදී නදීක ගුරුගේ පරිසර කමිටුවේ සභාපතිර රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය සම්මිත ලියනගේ සහ තවත් විද්වතුන් රැසක් සහබාගී වී සිටිනු දක්නට හැකිවිය