මත්තල වී ගබඩා කිරීම ගැන දයා ගමගේ කිව්ව දේ

Share

මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේදී රජයට සිදුවූ බව කියන පාඩුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව සාක්ෂි ලබා දීමට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට අමාත්‍ය දයා ගමගේ මහතා අද (18) පැමිණියේය.

එහිද අමාත්‍යවරායාගෙන් මාධ්‍යවේදින් කළ ප්‍රශ්න කිරිමේදි ඔහු පැවසුවේ 2014 වසර අවසානයේ පසුගිය ආණ්ඩුව විසින් වැඩි වශයෙන් සහන් විදෙස් රට වලින් ආනයනය කර ඇති බැවින් 2015 වසරේ දෙශිය සහල්වල මිල පහල ගිය බවයි.

එම නිසා ගොවීන්ගේන් සහල් මිල දී ගැනීමට පුද්ගලික ගැනුම් කරුන ඉදිරිපත් නොවීමත් සමඟ ගොවීන්ගේ සහල් රජයට මිල දී ගැනීමට සිදු වු බවත් එම සහල් ගබඩා කිරිමට මත්තල තොටුපලේ ගබඩා භාවිතයට ගත් බවයි.

මෙම තීරණය ලබා ගත්තේ සහල් ගැටළුව සම්බන්ධයෙන් පත් කළ කමිටුවෙන් බවද අමාත්‍යවරයා පැවසීය.

කිසිදු අවස්ථාවකදි එම ගබඩා වලට හනීයක් සිදු කිරීමට අවශ්‍ය නොවු බවත් එලෙස හනි නොවන ලෙස සහල් ගබඩා කළ හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පසුගිය දා වීඅලෙවි මණ්ඩලයේ සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා සදහන් කර ඇත්තේ 2015 වසරේදී වී ගබඩා කිරීම සදහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් මත්තල ගුවන් තොටුපලේවී ගබඩා කිරීම සම්බන්ධයෙන් එහි බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.

ගුවන් පථයට යාබදව ගුවන් භාණ්ඩ ගබඩා තිබීම සහවායු සමීකරණ ඇතුළු විදුලි පද්ධති තිබීම හේතුවෙන් ගබඩා පහසුකම් ලබාදීම ගුවන් තොටුපල බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කල බව ද එම්.බණ්ඩාර දිසානායක මහතා කොමිසම හමුවේ පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් දයා ගමගේ අමාත්‍යවරයා සමඟ තමන් සාකච්ඡා කළ අතර මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු මත මත්තල ගුවන් තොටුපලේ වීගබඩා කළ යුතු බවට තීරණය කර ඇති නිසා අමාත්‍ය මණ්ඩලයේ ද ඉල්ලීම මත, වී මෙට්‍රික්ටොන් 4000 කට අධික ප්‍රමාණයක් ගුවන් තොටුපලේ ගබඩා කළ බව බණ්ඩාර දිසානායක මහතා සදහන් කර ඇත.

අත්තනෝමතික ලෙස තමන් සේවයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව පවසමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද එහිදි මාධ්‍යවේදින් ප්‍රශ්න කළේය.

එහිදි ඔහු පැවසුවේ තමන් කිසිදු විටකදි එවැනි අස් කිරීමක් සිදු නොකළ බවත් කැබිනට් පත්‍රිකාවේ පරදි එම නිලධාරියාගේ සේවා කාලය අවසන් වී ඇති බවයි.

කෙසේ වෙතත් අදාල පැමිනිල්ල මත මැතිවරණ කොමිෂන් සභාව එම තීරණය අවලංගු කිරීමට නියෝග කර ඇත.

Read more

Local News