අතුරුදන් වු තරුණියකගේ මළ සිරුර වැසිකිළි වලකින්

Share

පසුගිය සැප්තැම්බර් මස 25 දින කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස් අතුරුදහන් වූ තරුණියගේ මළ සිරුර රාහුදූවවත්ත ප්‍රදේශයේ වැසිකිළිවලක තිබී සොයාගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් මස 25 දින කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස් අතුරුදහන් වූ වයස 22ක් තරුණියගේ බවට සැක කෙරෙන මළ සිරුර අහංගම පොලිස් වසමට අයත් රාහුදූවත්ත ප්‍රදේශයේ වැසිකිළි වලක තිබී අද (18 ) උදෑසන සොයාගෙන ඇත.

ඇය පසුගිය සැප්තැම්බර් 25 වැනි දින ගාල්ල කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා නිවසේ සිට පිටත්ව ගොස් තිබූ අතර පසුව ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් විසින් හබරාදුව පොලීසිය වෙත පැමිණිලි කර තිබිණි.

අනතුරුව මේ පිළිබඳව හබරාදුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ ඇත.

ඒ අනුව මිය ගිය තරුණිය භාවිතා කළ බව කියන ජංගම දුරකථනයේ තොරතුරු අනුව විමර්ශන කටයුතු මෙහෙයවීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී ඇත.

ඒ අනුව තරුණිය සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාත් මිදිගම පෙදෙසෙහි වයස 26 වන විවාහක පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකාර තරුණයා මියගිය තරුණිය සමඟ අහංගම පොලිස් වසමට අයත් රාහුදූව වත්ත පෙදෙසෙහි කුලී නිවසක රැඳී සිට අදාළ  තරුණිය ඝාතනය කර ඇයගේ ඇඳුම් පුළුස්සා දමා පාළු වැසිකිළි වලක කුහරයක් සාදා තරුණියගේ මළ සිරුර එයට ඇති බව වාර්තා වෙයි.

Read more

Local News