ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හෙට

Share

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හෙට (19) ආරම්භ වෙයි.

හෙට දිනයේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙයි.

එංගලන්තය පළමු වටයේ සහභාගි වූ සියළු තරග ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව පළමු වටයේදී එක් තරගයක් පරාජය වුණි.

එංගලන්ත-ඕස්ට්‍රේලියා අර්ධ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.15ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වෙයි.

නවසීලන්තය පළමු වටයේදී අපරාජිතව අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර අයර්ලන්තය පළමු වටයේදී අනපේක්ෂිත ලෙස ජපානය හමුවේ පරාජයට පත්වුණි.

නවසීලන්ත-අයර්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3යි 45ට ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News