Tuesday, March 19, 2024.

ගම්පහ සණස බැංකුවේ මුදල් වංචා කළ උප සභාපතිවරයා රිමාන්ඩ් කෙරේ

Share

ගම්පහ සණස නගර බැංකුවේ තැන්පත් මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි උප සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ගිණුම් 120ක පමණ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News