හෙට පාර්ලිමේන්තුවේදී හකීම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අද(22) මල්වතු නාහිමිවරුන් බැහැ දැක අදාළ සිද්දිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශනයේ සිටින පුද්ගලයින් පිළබඳ හෙට දිනයේ විශේෂ හෙළිදරව්වක් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි ප්‍රකාශ හරහා ඇතැම් පුද්ගලයින් උත්සහ කරනු ලබන්නේ සිංහල ජනතාව වෙත තමා පිළිබඳ වැරදි හැගීමක් ඇති කිරීමේ උත්සහයක් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

මේ අතර පාස්කු ඉරිදා සිදුවීම ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News