කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයදූනමලේ ප්‍රදේශයේන් පිටාර ගැලීම නිසා  සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළුගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට පැමිණ ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර අද (23) දිනයේත් බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල,මාතර, යාපනය, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 01.00න් පමණ පසුව වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය

Read more

Local News