හිටපු ජනාධිපති මාව බිල්ලට දුන්නා – සජින් වාස්

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

අද(23) ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සජින් වාස් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන මේ වැඩපිළිවල ඉතාමත් සුදුසු වැඩපිළිවලක් බව ඒ මහතා පැවසීය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා විසින් කැපවීමෙන් වැඩ කළ බවත් එහෙත් එතුමා විසින් තමා බිල්ලට දුන් බවත්ය.

Read more

Local News