උත්සව සමයේ ජනතාවට සහන – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළට

Share

උත්සව සමයේ ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 372කින් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කළ මිලට ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ.

රුපියල් 65ක්ව පැවති සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 62 දක්වා අඩු කර ඇත. රුපියල් 74ට පැවති නාඩු සහල් කිලෝවක නව මිල වන්නේ රුපියල් 70කි. පොන්නි සම්බා සහල් කිලෝව රුපියල් 78 සිට 71 දක්වා ද සීනි කිලෝව රුපියල් 107 සිට රුපියල් 100 දක්වා ද අඩු කර තිබේ.

රුපියල් 152ක් ලෙස පැවති ලොකු ලූණු කිලෝවක මිල වන්නේ රුපියල් 135කි. ග්‍රෑම් 425ටින් මාළු රුපියල් 149 සිට රුපියල් 127 දක්වා අඩු කර තිබේ.

රතු කැකුළු සහල් කිලෝවක මිල වන්නේ රුපියල් 73කි. බාස්මතී සහල් කිලෝවක් 132ක් වන අතර සුදුලූණු කිලෝව රුපියල් 250ක සහන මිලක අලෙවි කෙරෙනු ඇත.

Read more

Local News