මුම්බායි නගරයේ ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි නගරයේ රස කැවිලි වෙළෙද සැලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව අැති බවට වාර්තා වෙයි.

ගින්නෙන් පිළිස්සීමට ලක් වූ පුද්ගලයන් 12දෙනා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. මියගිය පුද්ගලයන් එම වෙළෙදසැලේ සේවකයන් වන අතර ඔවුන් එම වෙළෙසැලේම නවාතැන් ගෙන සිට ඇත.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නෙමැති අතර ගෑස් සිලින්ඩරවලින් සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙය ඇතිවන්නට ඇතැයි සැක කෙරේ. සුන්බුන් කොටස් අතර සිලින්ඩර දෙකක් තිබී සොයා ගෙන තිබේ.