600කට අධික විවිධ බැක්ටීරියා ප්‍රමාණයකට මැස්සන් රැකවරණය දෙයි

Share

ගෘහාශ්‍රිතව වෙසෙන මැස්සා සහ ඉහඳ මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබ ඇත. 600කට අධික විවිධ බැක්ටීරියා ප්‍රමාණයකට මැස්සන් රැකවරණය දෙන බව .ඩී.එන්.ඒ. විශ්ලේෂණයකින් තහවුරුවී තිබේ.

ඉන් බොහොමයක් උදර රෝගකාරක ජීවින්, ලේ විෂවීම්, නියුමෝනියාව ඇතුළු මිනිසුන්ගේ ආසාදන හා සම්බන්ධය.

මැස්සන්ට උන්ගේ පාද හා පියාපත් මගින් බැක්ටීරියා ගෙනයාහැකි බව පර්යේෂණ තුළින් පෙන්නුම්කර තිබේ. මැස්සා තබන සැම පියවරක් පාසාම බැක්ටීරියා පතුරුවා හැරිය හැකි බව පර්යේෂකයන් පවසයි.

ලෝකය පුරා එක ලෙස පැතිර ඇති ගෘහාශ්‍රිත මැස්සා බැක්ටීරියා වර්ග 351 ක් පමණ රැස්කරන බවත්, උෂ්ණාධික පරිසරවල හමුවන ඉහඳ මැස්සා 316 ක් රැගෙන යනබව තහවුරුකරගෙන ඇත.

Read more

Local News